2023/2024 වර්ෂය සඳහා ආපනශාලා (සේවක) පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන කැඳවීම

    රුහුණ විශ්වවිද්‍යාලය

    2023/2024 වර්ෂය සඳහා ආපනශාලා (සේවක) පවත්වාගෙන යාම සඳහා

    ප්‍රසම්පාදන කැඳවීම

    රුහුණ විශ්වවිද්‍යාල කාර්යය මණ්ඩලයට 2023 මාර්තු 30 සිට වර්ෂයක් සඳහා ආහාරපාන සැපයීම සඳහා සේවක ආපනශාලා අංක 01 පවත්වාගෙන යාමට සුදුස්සෙක් තෝරා ගැනීම සඳහා පිළිගත් ආයතන වලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2023.03.21 දින ප.ව. 2.00 දක්වා මිල ගණන් කැඳවනු ලැබේ.

    ලංසු පත්‍ර ලබා ගැනීම

    ආපසු නොගෙවන රු. 1000/- ක මුදලක් ලංසු ගාස්තු ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ සරප් වෙත ගෙවා ලබාගත් ලදුපත නියෝජ්‍ය ලේඛකාධිකාරී (සාමාන්‍ය පාලන) වෙත ඉදිරිපත් කිරීමෙන් අදාල විස්තර හා ලංසු පත්‍රිකා 2023.03.20 දින ප.ව. 3.00 දක්වා (කාර්යාල වේලාවන්හිදී) ලබාගත හැකිය.  විශ්වවිද්‍යාලය තුල ආපනශාලා පවත්වාගෙන යාමට නුසුදුසු බවට විශ්වවිද්‍යාලය විසින් තීරණය කර ඇති කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට ප්‍රසම්පාදන අයදුම්පත් නිකුත් කරනු නොලැබේ.

    ලංසු භාර ගැනිම

    නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු “මුල් පිටපත” සහ ”අනු පිටපත” වෙන වෙනම ලියුම් කවර දෙකක බහා නැවතත් එම ලියුම් කවර එක් ලියුම් කවරයක බහා එහි උඩ කෙළවරේ “සේවක ආපනශාලා අංක 01 සඳහා මිල ගණන් කැඳවිම - 2023” යනුවෙන් පැහැදිලිව සඳහන් කර 2023.03.21 වන දින ප.ව. 2.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් “සභාපති, ප්‍රසම්පාදන කමිටුව, රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර” යන ලිපිනයට එවිය යුතුය.  නැතහොත් එම ලිපිනයේ ලේඛකාධිකාරී කාර්යාලයේ තබා ඇති අංක: 01 ටෙන්ඩර් පෙට්ටියට ගෙනවිත් බහාලිය හැකිය.  ප්‍රමාද වී හෝ අසම්පූර්ණව ලැබෙන ලංසු පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

    ලංසු විවෘත කිරීම

    2023.03.21 වන දින ප.ව. 2.00 ට ලංසු වීවෘත කරනු ලැබේ.  එම අවස්ථාවට ලංසුකරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට පෙනි සිටිමට අවසර දෙනු ලැබේ.  මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අංක: 041-2033254 දිගුව 12015 යන දුරකථන මගින් නියෝජ්‍ය  ලේඛකාධිකාරී / සාමාන්‍ය පාලන ගෙන් විමසා දැන ගත හැකිය.

    සභාපති

    ප්‍රසම්පාදන කමිටුව

    රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම. මාතර.

    2023.02.28


    © 2025 Department of Computer Science. All Rights Reserved.

    Convocation Registration

    32nd Convocation

    2025

    360 F 359139394 VfoSQ7pqa6V04NWtRqXBAXielnrciMM3