දැන්වීමයි
රුහුණ විශ්වවිද්‍යාලය - මාතර
භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ / උපකරණ විකිණීම - වැල්ලමඩම සංකීර්ණය
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ භාවිතයෙන් ඉවත් කර ඇති පහතින් විස්තර දැක්වෙන භාණ්ඩ හා උපකරණ 2022.01.24 දින පෙ.ව.9.30ට වැල්ලමඩම පරිශ්‍රයේ පහත සඳහන් වෙන්දේසි භූමි වලදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.
|
ලොට් අංකය
|
භාණ්ඩ විස්තරය
|
වෙන්දේසි භූමිය
|
|
Lot- A1
|
පළුදු වු සිවිලින් තහඩු/ ෆලයිවුඩ් දොර, ඉවත් කර ඇති පැරණි ජනෙල් පියන් (ලොකු සහ පොඩි) සහ ජනෙල් රාමු / දැව දොර / ලී ලාච්චු කවර , 2’ * 4’ දිග අඩි 10 ලී කැබලි ,
|
නඩත්තු අංශය
|
|
Lot- A2
|
පැරණි ටියුබ් ලයිට් , ගලවා ඉවත් කළ වීදුරු කොටස් ,පැරණි විදුලි පංකා කොටස්, දුරකතන, වයර්, භාවිතයෙන් ඉවත් කළ ඡායා පිටපත් යන්ත්‍ර, ඉවත් කළ දැව ටියුබ් ලයිට් කවර, පැරණි විදුලි උපාංග
|
නඩත්තු අංශය
|
|
Lot- A3
|
ඉවත් කළ යකඩ ටියුබ් ලයිට් කවර, පැරණි යකඩ අත් වැට, පැරණි යකඩ ග්‍රිල් කවර, ඉවත් කළ ගේට්ටු පියන්, භාවිතයෙන් ඉවත් කළ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර
|
නඩත්තු අංශය
|
|
Lot-A4
|
ඉවත් කළ ප්ලාස්ටික් පැරණි ටියුබ් ලයිට් කවර, ප්ලාස්ටික් දොර,ෆයිබර් පුටු, බෝල් වෑල්, ඉවත් කළ පැරණි ජල නළ කොටස්
|
නඩත්තු අංශය
|
|
Lot-A5
|
භාවිතයෙන් ඉවත් වු 5”x 2”, 8”x 2” ලෑලි/ පළුදු වු ඇලුමිනියම් දොර පලු/ කාණු වැහි පීළී/ අඩි 10, අඩි 08 සෙවිලි තහඩු
|
ආගන්තුක නිවාසය
|
|
Lot-B 1.
|
පැරණි දැව (2’ * 2’ , 2’ * 5’ , 3’ * 8’ , 2’ * 6’ ,3’ * 4’ , 1.5’ * 1.5’ , 1.5’ * 6.5’ )
පැරණි ඉවත් කළ දැව දොර(විදුරු සහිත)
|
ආගන්තුක නිවාසය
|
|
Lot-B 2
|
ඉවත් කළ පැරණි අළුමිනියම් දොර,ඉවත් කළ පැරණි අළුමිනියම් ජනේල(1.5’ * 6.5’) ඉවත් කළ පැරණි අළුමිනියම් රාමු (3.5’ * 3.5’) ඉවත් කළ පැරණි අළුමිනියම් දොර (6.5’ * 8.5’)
4’ අළුමිනියම් පීලී තහඩු
අළුමින්යම් බාර් කැබලි
|
ආගන්තුක නිවාසය
|
|
Lot-B 3
|
ඉවත් කළ පැරණි 44’ මුදුන් සීට්, මුමුන් උළු කැට
|
ආගන්තුක නිවාසය
|
|
Lot-C 1
|
පැරණි ඩවුන් පයිප්ප , භාවිතයෙන් ඉවත් කළ PVC බට තොගයක්, බට සොකට් කැබලි
|
මැද්දවත්ත පිරිමි නේවාසිකාරය
|
|
Lot-C 2
|
පැරණි ඉවත් කළ දැව තොගයක්
|
මැද්දවත්ත පිරිමි නේවාසිකාරය
|
කොන්දේසි
- භාණ්ඩ පරීක්ෂා කිරීම 01.24 යන දින පෙ.ව. 8.00 සිට පෙ.ව 9.30 දක්වා වැල්ලමඩම පරිශ්‍රයේ වෙන්දේසි භූමි වලදී සිදු කල හැකිය.
- වෙන්දේසි භූමියට ඇතුලු වීම සදහා වැල්ලමඩම සංකීර්ණයේ සරප් වෙත ආපසු නොගෙවන රු.250.00 ක මුදලක් ගෙවා ලබා ගත් ලදුපත ඉදිරිපත් කළ යුතු අතර වෙන්දේසි භූමියට ඇතුලු විය හැක්කේ ඉල්ලුම්කරුවන්ට පමණි.
- වෙන්දේසියේදී මිලදී ගනු ලබන භාණ්ඩ හා උපකරණ සදහා එම අවස්ථාවේදීම මුදල් ගෙවිය යුතු අතර එම භාණ්ඩ 01.24 යන දින ප.ව.3.00 ට පෙර වෙන්දේසි භූමියෙන් ඉවත් කර ගත යුතුය. එම වේලාවෙන් පසුව එකී ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය කිසිදු වගකීමක් දරනු නොලැබේ. වැඩි විස්තර 041-2222681 දිගුව 12014 සහකාර ලේඛකාධිකාරි/ සාමාන්‍ය පාලන අංශය වෙතින් ලබා ගත හැකිය.
පී.ඒ.පියල් රේණුක
නියෝජ්‍ය ලේඛකාධිකාරි
සාමාන්‍ය පාලන අංශය
2022.01.10